Monday 11th of May 2026

English Tamil
Advertiesment


රෝහල් පද්ධතිය දේශපාලනීකරණය නොකරනු - හෘද සැත්කම් සඳහා අවශ්‍ය Stents ලබා දෙනු


2026-05-11 1297

 
- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස -

 

අද වන විට අප රටේ නිදහස් සෞඛ්‍ය පද්ධතිය දැඩි අර්බුධකාරී තත්ත්වයකට පත්ව ඇති බවත් හෘදයාබාධවලින් පෙළෙන ජනතාවට ස්ටෙන්ත්ස් (Stents) ලබා දීමේ වැඩපිළිවෙළ බොහෝ රෝහල්වල අඩපණ වී ඇති බවත් Percutaneous coronary intervention (PCI) හෙවත් මේ ස්ටෙන්ත්ස් ලබා දීමේ ප්‍රයිමරි ඇන්ජියෝප්ලාස්ටි (Primary angioplasty) ක්‍රමවේදය අද වන විට ස්ටෙන්ත්ස් (Stents) නොමැති වීම නිසා ක්‍රියාත්මක කළ නොහැකි වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳුදා (11) අනාවරණය කළේය.

 

කරාපිටිය රෝහලේ මාස 6ක සිට ස්ටෙන්ත්ස් සහ සෙසු උපාංග නැහැ

 

හෘදයාබාධවලින් ගිලන් වූ ජනතාවට Percutaneous coronary intervention (PCI) හෙවත් මේ ස්ටෙන්ත්ස් (Stents) ලබා දීම ක්‍රියාත්මක කිරීම සඳහා කරාපිටිය රෝහලේ මාස 6ක සිට මේ ස්ටෙන්ත්ස් (Stents) නොමැති බවත් ස්ටෙන්ත්ස්වල බරපතල හිගයක් ඇති බවත් මේ නිසා හෘද ශල්‍යකර්ම ආදිය කරාපිටිය රෝහලේ ක්‍රියාත්මක කිරීම අඩපණ වී ඇති බවත් ඊට අමතරව මේ හෘද ශල්‍යකර්ම සඳහා අවශ්‍ය Pre-dilatation හා post-dilatation balloons ද මාස 4ක සිට හිඟ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 

මේ නිසා හෘද රෝගීන්ගේ ජීවිත අනතුරේ

 

මෙවැනි තත්ත්වයක් තිබෙන විට හෘදයාබාධවලින් පෙළෙන ජනතාවගේ ජීවිත අනතුරේ බවත් නිදහස් සෞඛ්‍ය ශක්තිමත් කරන්න කරාපිටිය රෝහලට අවශ්‍ය ස්ටෙන්ත්ස් (Stents) සහ Pre-dilatation හා post-dilatation balloons ඇතුළු සෙසු ශල්‍ය උපකරණ ලබා දීමට රජයට නොහැකි වී ඇති බවත් කාලයක් ඇන්ජියෝග්‍රෑම් ⁣ශල්‍යකර්ම පෝලිමේ සිට මේ ඇන්ජියෝග්‍රෑම් කර ගැනීමට ගිලන් වූ රෝගීන්ට ගැලපෙන ස්ටේන්ත්ස් නොමැති නම් නැවත එවැනි ස්ටෙන්ත්ස් එකක් ලැබෙන තෙක් රෝගියා පෝළිමට යන බවත් මේ නිසා රෝගීන්ගේ ජීවිතයට අනතුරක් සහ අවධානමක් ඇති බවත් මේ නිසා බයිපාස් පෝළිමක් පවා ඇති වෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

 

රජය මේ අඩුපාඩු පියවීමට කඩිනමින් කටයුතු කල යුතුයි

 

කරාපිටිය රෝහලෙන් දශලක්ෂ ගණනින් ජනතාව ප්‍රතිකාර ලබා ගන්නා බවත් හෘද ශල්‍යකර්ම ක්‍රියාත්මක කරමින් ජිවිත රැසක් රැකගන්න මේ රෝහලේ ස්ටේන්ත්ස් ඇතුළු Pre-dilatation හා post-dilatation balloons නොමැති වීම යනු රෝගීන්ගේ ජීවිත අවධානමකට දැරීමක් බවත් දැන්වත් මේ අඩුපාඩු කඩිනමින් පියවිය යුතු බවත් මේ ශල්‍යකර්ම සිදුකරන බොහෝ රෝහල්වලට මෙය බලපා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 

නිදහස් සෞඛ්‍ය යනු මානව අයිතියක්. එය රැක ගැනීම රජයේ යුතුකමක්

 

නිදහස් සෞඛ්‍ය යනු මානව හා මූලික අයිතිවාසිකමක් බවත් එය රැකගන්න රජය බැදී සිටින බවත් දැන්වත් විධිමත් ලෙස මේ උපකරණ ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් රෝහල්වල අඩුපාඩු සොයා බලන්න මන්ත්‍රීවරුන් පත් කර බවට රජය පැවසුවත් මෙවැනි ඇස්බැන්දුම් වැඩ කිරීම නිසා මේ ගැටලු විසදෙන්නේ නැති බවත් රජය මෙවැනි දේවල් නොකර මේ අඩුපාඩුවලට කඩිනම් විසදුම් ලබා දිය යුතු බවත් රෝහල් පද්ධතිය දේශපාලනීකරණය සිදු නොකර රෝහල් කමිටු ශක්තිමත් කර ප්‍රජාව සමඟ සම්බන්ධ වී රෝහල් අධ්‍යක්ෂකවරුන්ගේ ද යෝජනා ගෙන කටයුතු කළ බවත් මේ අවස්ථාවේ රජය කඩිනමින් මේ උපකරණ ලබා දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

 

 


 

Advertiesment